විවේචන පසෙකලා සැවොම එක්වී ජන ගැටලුවලට විසඳුම් සෙවිය යුතුයි (VIDEO)

විවේචන පසෙකලා සැවොම එක්වී ජන ගැටලුවලට විසඳුම් සෙවිය යුතුයි (VIDEO)

විවේචන පසෙකලා සැවොම එකට එක්වී රටට විසඳුම ජනතාවගේ ගැටලුවලට උත්තර දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද වන විට රටේ ජනතාව දුෂ්කර තත්ත්වයකට වැටී ඇති අතර ජනතාව සහ රට යළි ගොඩනගන ගමනට පූර්ණ ශක්තිය සහ සහයෝගය ලබාදිය යුතු බවත් කුහක දේශපාලන සංස්කෘතිය ඉවත දැමිය යුතු බවත් රට මුහුණ දෙන ගැටලුවලට ප්‍රායෝගික විසදුම් ලබා දෙන වැඩපිළිවෙළට දායකත්වය සහ නායකත්වය ලබා දිය යුතු බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මහමැතිවරණයට තරග කර, ජයග්‍රහණය කර එය ජනතා ජයග්‍රහණයක් බවට පත් කර රටට ප්‍රමුඛතාව ලබා දී ජාතික අවශ්‍යතාවට මූලිකත්වය ලබා දිය යුතු අතර පටු දේශපාලන වාදභේද පසෙකලා විසදුම් සෙවිය යුතු බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

දෙහිවල ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.

Share This