රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනම සහතික වෙයි

රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනම සහතික වෙයි

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දික සමරනායක මහතා අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ගේට්ස් පදනම මඟින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෘෂිකර්මාන්තය නඟා සිටුවීම, පාසල් දිවා ආහාරය ලබා දීම ඇතුළු මෙරට ළමුන්ගේ පෝෂණය වැඩි දියුණු කිරීම, රාජ්‍ය හා පෞගලික අංශයේ මානව සම්පත් සංවර්ධනය, පශු සම්පත්, දේශගුණික විපර්යාස ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව සඳහන්.

නව රජයේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වාදුන් චන්දික සමරනායක මහතා රජය ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘති මූල්‍යමය, තාක්ෂණික සහ උපදේශන සහාය ලබාදීමට ගේට්ස් පදනම සූදානම් බව සඳහන් කර සිටියා.

Share This