දේශබන්දුට එරෙහිව ගොනු කළ තවත් නඩුවක් කල් යයි

දේශබන්දුට එරෙහිව ගොනු කළ තවත් නඩුවක් කල් යයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ගොනුකර තිබූ අභියාචනයක් ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ගාලු මුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට පොලු මුගුරු වලින් පහරදිම වැලැක්වීමට අපොහොසත් විම සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැකකරුවකු ලෙස නම් කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් බල රහිත කරමින් අභියාචනාධිකරණය ලබා දී තිබූ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අභියාචනය ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කිරීම හේතුවෙන්.

ඊයේ (03) ඊට අදාල අභියාචනය මුර්දු ප්‍රනාන්දු , කුමුදුනි වික්‍රමසිංහ , දිලිප් නවාස් යන මහත්ම මහත්මිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ තිබෙනවා.

2022 වසරේ මැයි 09 වැනිදා අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව ගාලු මුවදොර පිටියේ රැඳී සිටි නිරායුධ අරගලකරුවන්ට පොදුජන පෙරමුණේ ක්‍රියාකාරින් පිරිසක් විසින් සිදුකල අමානුෂික පහරදීම වලක්වා ගැනීමට නිසි පියවර නොගත් එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

එකී උපදෙස් ලබා දීම අභියෝගයට ලක්කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනු කළ රිට් ආඥා පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම උපදෙස් බලරහිත කරමින් නියෝගයක් නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

Share This