මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ සහාය

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා.

කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟත්වය පළ කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදුන් මූල්‍ය සහාය 2022-2024 වසරවලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මෙරට ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහා ද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තුවන බවද කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් අවධාරණය කර ඇති බව සඳහන්.

Share This