ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.

මෙහිදී නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනී අමරසූරිය පත්වීම පිළිබඳව තානාපතිවරයා ස්වීඩන් රජයේ සුභ පැතුම් එක්කළ බව සඳහන්.

ස්වීඩන් රජයේ ආයෝජන සිදු කිරීමේදී මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තම රජයේ අවධානය යොමු වී ඇති බවත් ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා සඳහන් සඳහන්කර තිබෙනවා.

විශේෂයෙන්ම ළමා පෝෂණය පිළිබඳ ප්‍රශ්නය ස්වීඩන් තානාපතිවරයාගේ අවධානයට යොමු කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන ගියද, පාසල් සිසුන් අතර පෝෂණ අභියෝග තවමත් පවතින බව අවධාරණය කළා.

ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සහ ඔවුන් මුහුණ දී ඇති වීසා දුෂ්කරතා පිළිබඳවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතාගේ අවධානයට යොමු කළ බව සඳහන්.

Share This