අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරේ

අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරේ

අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය විවෘත කර තිබෙනවා

කොළඹ, කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ආර් ඒ ඩි මෙල් මාවතේ මයිකල් වටරවුමේ සිට අරලියගහ මන්දිරය හරහා රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන කොටස 2005 වර්ෂයේ දී ආරක්‍ෂක හේතූන් මත වසා තැබීමට කටයුතු කර තිබුණා

ඒ අනුව වසර 19කට පසු මෙම මාර්ගය ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කර ඇත්තේ

දැනට එම මාර්ගයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් එක් දිශාවකට පමණක් වාහන ධාවනය සිදුකෙරෙන අතර, එම කටයුතු අවසන් වූ වහාම අනෙක් පසට දිවෙන කොටස ද විවෘත කෙරෙනු ඇති

Share This