කිඹුලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකු මියයයි

කිඹුලෙකු සපා කෑමෙන් පුද්ගලයෙකු මියයයි

ශ්‍රී පුර ගැමුණුපුර ප්‍රදේශයේ මොරඔයේ කිඹුලෙකු සපා කෑම නිසා පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වූ ගැමුණුපුර, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ පෙරදින (04) සවස් කාලයේ මොර ඔයෙන් එගොඩ වී රංජිත් මංකඩ ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිටියදී, නිවසේ තිබූ මස් රැගෙන ඒමට නැවත ඔයෙන් එගොඩ වීමේදී කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී පුර පොලීසිය සිදුකරන බව සඳහන්.

Share This