සනත්ගේ පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි

සනත්ගේ පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අද (07) නිවේදනය කළා.

ඒ අනුව ඔක්තෝබර් පළමුවනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව අදාළ තනතුර සඳහා පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.

එම තරගාවලි සඳහා වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ සනත් ජයසූරිය යි.

Share This