හිටපු මන්ත්‍රීන්ගේ තැපැල් මුද්දරත් අහෝසි කරයි

හිටපු මන්ත්‍රීන්ගේ තැපැල් මුද්දරත් අහෝසි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත්කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එසේම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස සියලුම තැපැල් කාර්යාලවලට දැනුම්දී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසා ඇති බව සඳහන්.

සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර වාර්ෂිකව නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම අහෝසි වී ගිය හෙයින් මෙම දීමනාව අහෝසි විය යුතු බව සඳහන්.

මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා ඉන්ධන දීමනා, නිල නිවාස මෙසේ අහිමිවී ගිය දීමනා ලෙස සැලකෙයි.

Share This