මහ ඡන්දයට වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙයි

මහ ඡන්දයට වත්කම් බැරකම් ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරෙයි

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කරන සියලුම අපේක්ෂකයන් නාමයෝජනා පත්‍ර සමඟ වත්කම් සහ බැරකම් ප්‍රකාශ දීම අනිවාර්ය වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඒ අනුව මහ මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින් තම තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අදාළ තේරීම් බාර නිලධාරියා වෙත ලබාදිය යුතු බවයි රත්නායක මහතා සඳහන් කර සිටියේ.

මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ද වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමඟ කොමිෂන් සභාවට භාරදිය යුතු බවද රත්නායක මහතා සඳහන් කර සිටියා.

Share This