පාකිස්ථාන සිරකරුවන් ශ්‍රී ලංකාවේ සිට විශේෂ ගුවන් යානයකින් පාකිස්ථානයට

පාකිස්ථාන සිරකරුවන් ශ්‍රී ලංකාවේ සිට විශේෂ ගුවන් යානයකින් පාකිස්ථානයට

කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමින් 51 දෙනෙකු ඇතුළුව පාකිස්ථාන සිරකරුවන් 56 දෙනෙකු ශ්‍රී ලංකාවේ සිට විශේෂයෙන් වරලත් ගුවන් යානයකින් පාකිස්ථානයට පැමිණ තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සිරගතව සිටින සිරකරුවන් ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව සඳහන්.

පසුගිය මැයි සහ ජූලි මාසවලදී පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්න අතර පැවති සාකච්ඡාවලදී මෙම එකඟතාවයන්වලට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

Share This