සිරකරුවන් සිව් දෙනෙකු පැන යාමේ සිද්ධියකට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

සිරකරුවන් සිව් දෙනෙකු පැන යාමේ සිද්ධියකට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් සිව් දෙනෙකු නීත්‍යානුකූල අත්අඩංගුවෙන් මිදී පැන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

සිරකරුවන් දස දෙනෙකු පසුගිය පළමුවනදා ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිලධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරිශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල යොදවා ඇති අතර එම අවස්ථාවේදී සිරකරුවන් සිව් දෙනෙකු බන්ධනගාර නිලධාරීන්ගේ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් මිදී පැනගොස් ඇති බව සඳහන්.

බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සදහා මෙම සිරකරුවන් ආයතනයෙන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇති බවටයි සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පැනගොස් ඇති සිරකරුවන් සිව්දෙනා අධිකරණයේ විසදීමට නඩු සහිත සිරකරුවන් වන අතර වසර 21 වැඩි සිරදඩුවමක් හා විසදීමට ඇති නඩු 02ක් සහිත සිරකරුවෙකුද ඒ අතර වන බව සඳහන්.

මෙලෙස පැනගිය සිරකරුවන් සිව් දෙනාගෙන් නැවත සිරකරුවන් තිදෙනෙකු අත්අඩංන්ගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

පිටත පවිත්‍රතා සදහා සිරකරුවන් යොමුකිරීම සම්බන්ධයනේ මාතර බන්ධනාගාර සහකාර අධිකාරීවරයා සිදු කරනු ලැබූ මූලික විමර්ශනයේ නිර්දේශයට අනුව සිරකරුවන් පිටතට ගැනිමට අනුමැතිය දුන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, පවිත්‍රතා කටයුතු සදහා සිරකරුවන් යොමු කළ දෙවන පෙළ ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයා මූලික විමර්ශනයට යටත්ව රාජකාරී වැඩ තහනමකට ලක් කර තිබෙනවා.

Share This