ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සංවර්ධනයට කොරියාවේ සහය

ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සංවර්ධනයට කොරියාවේ සහය

ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සංවර්ධනය කිරීමට සහ සුභසාධන ව්‍යාපෘති හඳුනා ගැනීමට විශේෂ දස අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී KFHI(Korea Friends of Hope International) සංවිධානය හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම වැඩසටහන අනුව දැනට ඇල්පිටිය සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තෝරාගෙන ප්‍රධාන අංශ හතරක් ඔස්සේ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ළමා සංවර්ධනය සහ අධ්‍යාපන ජීවනෝපාය සංවර්ධනය, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ආපදා අවදානම් කිරීම යන ක්ෂේත්‍ර හතර ඔස්සේ මෙලෙස සංවර්ධන ව්‍යපෘති මෙහිදි හඳුනා ගනිමින් පවතින බවයි වාර්තා වන්නේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සැලසුම් පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද මෙහිදී සිදු කෙරුණා.

Share This