ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ආරක්ෂක ලේකම් හමුවෙයි

ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා ආරක්ෂක ලේකම් හමුවෙයි

කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Naoki Kamoshida මහතා අද (09) ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා.

ඒ ආරක්ෂක මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී

Kamoshida මහතා සමඟ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Yuki Yokohari ද මෙම හමුවට එක්වී සිටි බව සඳහන්.

මෙහිදී, ආරක්ෂක සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳ නිළධාරීන් දෙදෙනා අතර අදහස් හුවමාරු කරගෙන ඇති අතර එහිදී දෙරට අතර පවතින ඓතිහාසික සබඳතාවය පිළිබඳවද සිහිපත් කර තිබෙනවා.

Share This