කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්වල කෙටිකාලීන බෝග වගා කිරීමට ජනපතිගෙන් ගොවියන්ට උපදෙස්

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්වල කෙටිකාලීන බෝග වගා කිරීමට ජනපතිගෙන් ගොවියන්ට උපදෙස්

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස ලබාදීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස්කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබාදුන්නේ අද (10) ජනාධිපති කාර්යාලයේදී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී.

විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැළසුම් පිළිබඳව ද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

Share This