හිස්බුල්ලා සංවිධානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සිටි තායි ජාතිකයෙකු මිය යයි

හිස්බුල්ලා සංවිධානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සිටි තායි ජාතිකයෙකු මිය යයි

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ (Yiron) පිහිටි කෘෂිකර්ම ගොවිපොළක සේවය කළ 27 හැවිරිදි තායි ජාතිකයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ක්‍රමයෙන් වර්ධනය වන යුධමය වතාවරණය පිළිබඳව අවධානය යොමු කොට තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන මෙන් ඊශ්‍රායලයේ උතුරු කොටසේ සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ.

Share This