ආපදාවන්ගෙන් පීඩාවට පත්වූ පිරිස ඉහළ යයි

ආපදාවන්ගෙන් පීඩාවට පත්වූ පිරිස ඉහළ යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 76,218 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා හේතුවෙන් පීඩාවන්ට පත් වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර ප්‍රදේශ රැසකට නිකුත් කර ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් ද තවදුරටත් ක්‍රියාත්මකයි.

Share This