රජයේ රස පරීක්ෂක ධුරයට නව පත්වීමක්

රජයේ රස පරීක්ෂක ධුරයට නව පත්වීමක්

ආණ්ඩුවේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න මහත්මිය 2024-10-11 දින සිට විශ්‍රාම ලබා තිබෙන බව සඳහන්.

ඒ අනුව පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මීළඟට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

Share This