ශ්‍රී ලංකාවට ලැබුණු සුපිරි ජය

ශ්‍රී ලංකාවට ලැබුණු සුපිරි ජය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවන T20 තරගයෙන් ලකුණු 73ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව් ක්‍රීඩකයින්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.

මහීෂ් තීක්ෂණ ලකුණු 7කට කඩුලු 02ක්, චරිත් අසලංක ලකුණු 6කට කඩුලු 2ක්, වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් සහ මතීෂ පතිරණ ලකුණු 12කට එක් කඩුල්ලක් ලබා ගත්තා.

Share This