මාදම්පිටියේ වෙඩි තැබීමක්

මාදම්පිටියේ වෙඩි තැබීමක්

මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ත්‍රිරෝද රථයක පිටුපස සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවූ මිහිජය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මෝටර් රථයකින් පැමිණ ඇති බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

Share This