උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ සැදැහැවත් ජනතාවට ශාසනික වශයෙන් වැදගත්වන උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබෙනවා

ඒ අනුව වප් පුර පසළොස්වක පොහොය දිනය වස්සාන සමයේ අවසන් පොහොය දින වන අතර භික්ෂූන්වහන්සේ වස් පවාරණය ද මෙම පොහෝ දිනයේ සිදු කෙරෙනවා

එමෙන්ම වස් පවාරණය කළ පසු කඨින චීවර පූජාවද සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් කථින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද වප් පුර පසළොස්වක පොහොය දිනයයි.

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුව ඇති පොහොය දිනයක් ලෙස සැලකෙන වප්පුර පසළොස්වක පොහොය මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම සහ විවරණ ලැබීම ද අද වැනි පොහොය දිනක සිදුව තිබෙනවා

මීට අමතරව සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුරදුන් දෙව් ලොවින් නික්ම නැවත දඹදිව සංකස්ස පුරයට වැඩම කර ඇත්තේ ද වප් පොහොය දිනකයි.

Share This