ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

මහජන විරෝධතා හේතුවෙන් බලයෙන් පහකර ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණය නියෝග කර තිබෙනවා.

එසේම රටින් පැන ගිය රජයේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

හසීනා බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍යව සිටින්නේ සිය ගණනක් මිය ගිය පෙළපාලි අතරතුර සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට ඇය සම්බන්ධ යැයි කියනු ලබන සිද්ධීන් නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසර 20කට වැඩි කාලයක්බංග්ලාදේශය භාරව සිටි හසීනා, රජය විසින් විසම්මුතිය නිර්දය ලෙස මර්දනය කළ ඒකාධිපතියෙකු ලෙස සැලකෙනවා.

Share This