ඇලෝෂියස් නොගෙවූ බද්ද බැඳුම්කරයේ මුදලින් අය කරගන්නා ලකුණු

ඇලෝෂියස් නොගෙවූ බද්ද බැඳුම්කරයේ මුදලින් අය කරගන්නා ලකුණු

දැනට බන්ධනාගාර ගතව සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් විසින් නොගෙවූ වැට් බදු මුදල බැඳුම්කරයේ මුදලින් අය කරගැනීමට නීති ප්‍රතිපාදන සොයමින් පසුවන බව වාර්තා වනවා.

ඒ අනුව අර්ජුන් ඇලෝෂියස් වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උසාවියට දඩ ලෙස ගෙවීමට තිබෙන රුපියල් බිලියන 3.5 ක මුදල් මහ බැංකු බැඳුම්කර සිද්ධිය හේතුවෙන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමෙන් උසාවිය අත්හිටුවා තිබෙන රුපියල් බිලියන 12න් අය කරගැනීමට නීති ප්‍රතිපාදන සොයාබලමින් සිටින බව සඳහන්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This