කහවත්තේ සිදුවූ මාරක රිය අනතුර

කහවත්තේ සිදුවූ මාරක රිය අනතුර

කහවත්ත, පැල්මඩුල්ල නෝනාගම මාර්ගයේ වැල්ලදුර ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

කහවත්ත දෙස සිට මාදම්පේ දෙසට ධාවනය කළ යතුරුපැදිය වැසි සහිත කාලගුණය හේතුවෙන් යතුරුපදිකරුට එය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් පෙරලී ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ සඳුන්ගම, බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩා ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

Share This