ජොන්ස්ටන්ට අධිකරණයෙන් වරෙන්තු

ජොන්ස්ටන්ට අධිකරණයෙන් වරෙන්තු

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර වරෙන්තු නිකුත් කළා.

ඒ අල්ලස් කොම්සම විසින් ගොනුකර ඇති නඩුවකට අදාළ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටිනවා.

ඒ මෙරටදී එකලස් කරන ලද මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

Share This