සියලු ඊශ්‍රායල ජාතිකයින්ට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ඊශ්‍රායල රජයෙන් දැනුම් දීමක්

සියලු ඊශ්‍රායල ජාතිකයින්ට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ඊශ්‍රායල රජයෙන් දැනුම් දීමක්

ආරුගම්බේ ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිටින සියලු ඊශ්‍රායල ජාතිකයින්ට හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම් දෙනවා.

ඊට අමතරව බටහිර සහ දකුණු වෙරළ තීරවලින්ද ඉවත් වන ලෙසයි ඔවුන් තම වැසියන්ට දැනුම් දී තිබෙන්නේ.

නෙලෙස ඊශ්‍රායල් ආරක්ෂක කවුන්සිලය සිය වැසියන්ට මෙම අනතුරු ඇඟවීම සිදුකරන්නේ ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට අමෙරිකාව කළ දැනුම්දීමෙන් අනතුරුවයි.

මේ වන විට අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව සහ රුසියාව ඇතුළු රටවල් ගණනාවක් ගණනාවක් ආරුගම්බේ ප්‍රදේශයේ පවතින අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව තම වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

Share This