කොදෙව් පිළ පරදා ශ්‍රී ලංකා පිළ ජය ගනියි

කොදෙව් පිළ පරදා ශ්‍රී ලංකා පිළ ජය ගනියි

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

එහිදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළ පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 19ක් ලබාගනිමින් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන තෙවෙනි සහ අවසන් එක්දින තරගය එළඹෙන 26 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Share This