පාස්කු ප්‍රහාරය පිළිබඳ රනිල්ගෙන් නිවේදනයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ රනිල්ගෙන් නිවේදනයක්

තමා ජනාධිපති ධුරයට පත්වූ පසුව කතෝලික රදගුරු සංගමයේ සභාපති ගරු හැරල්ඩ් ඇන්තනී ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි පාස්කු කොමිෂන් සභා වාර්තා එතුමන්ට භාර දීමට කටයුතු කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

අනතුරුව කතෝලික රදගුරු සම්මේලනය ඒ පිළිබඳව පැහැදිලි කිරීම් ගණනාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒවා නීතිපතිවරයාට යොමු කර ඊට අදාළ සියලු කරුණු රදගුරු සම්මේලනය සමඟ හුවමාරු කරගන්නා ලෙස නීතිපතිවරයාට උපදෙස් ලබාදුන් බවද හිටපු ජනපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වූ හෙළිදරව්ව පිළිබඳව කරුණු සෙවිය යුතු බවට කළ ඉල්ලීම මත විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවද ඒ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Share This