චීන ජනපති බ්‍රික්ස් ප්ලස් සමුළුව අමතයි

චීන ජනපති බ්‍රික්ස් ප්ලස් සමුළුව අමතයි


ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, සැමවිටම චීනය ගෝලීය දකුණ පිළිබඳ සැලකිලිමත් බව එරට ජනපති ෂී ජින්පිං ප්‍රකාශ කර තිබෙනවා

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රුසියාවේ Kazan හි දී පැවති බ්‍රික්ස් ප්ලස් රාජ්‍ය නායකයන්ගේ සංවාදයට එක් වෙමින්

“ගෝලීය දකුණේ බලවත් බලවේග එක්රැස් කර පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් ජනාධිපතිවරයා එහිදී විශේෂ දේශනයක් පවත්වනු ලැබුවා.

එමෙන්ම සාමය තහවුරු කිරීමෙන් පොදු ආරක්ෂාව ඉටු කිරීම, සංවර්ධනය පුනර්ජීවනය කිරීමෙන් විශ්වීය සමෘද්ධිය සාක්ෂාත් කිරීම, එක්ව ශිෂ්ටාචාරයන් නැංවීමෙන් විවිධත්වයේ සමගිය ‍ගොඩනැගීම යන කරුණු චීන ජනපතිවරයාගේ දේශනයේ දී මූලිකව මතු කර තිබෙනවා

එමෙන්ම ගෝලීය දකුණේ රටවල් ඒකාබද්ධව නවීකරණයට පිවිසීම ලෝක ඉතිහාසයේ ප්‍රධාන සිදුවීමක් වන බවත්, එය මානව ශිෂ්ටාචාර ක්‍රියාවලියේ පෙර නොවූ විරූ ජයග්‍රහණයක් බවත් ජනපති ෂී ජින්පිං මෙහිදී සඳහන් කළා.

මීට අමතරව විවිධ රටවල් අතර මානව හා සංස්කෘතික හුවමාරු සහ රාජ්‍ය පාලනය පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා, ගෝලීය දකුණේ බුද්ධි මණ්ඩලවල සහයෝගීතා සංගමයක් පිහිටුවීමට ද චීනය පෙරමුණ ගනු ඇති බවයි ඔහු එහිදී පැවසුවේ

Share This