අද සිට බෙදාහැරෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා

අද සිට බෙදාහැරෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා

මහ මැතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නොවැම්බර් මස 07 වනදා දක්වා නිවෙස් වෙත ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකෙරෙන බව සඳහන්.

කොළඹ දිස්ත්‍රික්කයේ නිල දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති බැවින් අද දිනයේදී එම දිස්ත්‍රික්කයේ බෙදාහැරීම් සිදුනොවනු ඇති.

ලබන නොවැම්බර් 03 වනදා විශේෂ බෙදීම් දිනයක් ලෙස නම් කර පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට ද තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

Share This