ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගය අද

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම අතර අද (27) පැවැත්වෙනවා.

ඕමානයේ පැවැත්වෙන එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් 2ක් ජය ගනිමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.

‘B’කාණ්ඩයෙන් තරග වැදුණු ඇෆ්ගනිස්ථාන ‘A’ කණ්ඩායම මූලික වටයේ තමන් සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

Share This