අගමැති හා ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

අගමැති හා ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මහත්මිය සහ චීන ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා අතර හමුවක් අද (30) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එහිදී තානාපති Qi Zhenhong ජාතීන් දෙක අතර දිගුකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ගංවතුර සහන ප්‍රයත්නයන් සඳහා චීන රජයේ සහයෝගය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම තීරණාත්මක කාල පරිඡේදය තුළ මහජන චීන සමූහාණ්ඩුවේ කාලීන ත්‍යාගශීලීභාවය සහ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය තානාපති Qi වෙත සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

දෙරට අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම දෙරටේ සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This