චීන රජයෙන් ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය සහනාධාර තොගයක්
චීන රජය විසින් ශ්‍රී ලංකාවට තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක් සැපයීමට තීරණය කර තිබෙනවා
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ඊයේ (30) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවූ අවස්ථාවේදීයි මේ බව සඳහන් කර ඇත්තේ
ජලගැලීම් හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවට ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව චීන රජය වැඩි අවධානයක් යොමු කරන බවයි Qi Zhenhong මහතා එහිදී සඳහන් කළේ.
මෙලෙස තවත් සහනාධාර තොගයක් ලබා දීම දෙරට ජනතාව අතර මිතුදම වඩාත් පිළිබිඹු කරන්නක් පමණක් නොව, චීන රජය ශ්‍රී ලංකාවේ නව රජයට දක්වන සහාය ද සනාථ කර ඇති බවද චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය හා ජනතාව අසීරුතා මගහරවා ගනිමින් යථා තත්ත්වයට පත් වෙතැයි ද චීන තානාපතිවරයා විශ්වාසය පළ කළ බවයි ඔහු එහිදී පැවසුවේ
හදිසි මූල්‍ය ආධාර ලබා දී ඇති චීනය, මෙලෙස තවත් මානුෂීය ආධාර තොගයක් සැපයීම තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ළෙන්ගතුකම මනාව පෙන්නුම් කර ඇති බවයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරණය කර ඇත්තේ.