කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ ලොහාන්
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ඊයේ (03) රාත්‍රියේ ආඝාත තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් අතර පසුව ලබන 7 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
අනතුරුව ඇති වූ ශ්වසන රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කරනු ලැබුවා.