මන්නා රමේෂ් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මන්නා රමේෂ් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජයෙක් බව කියන රමේෂ්ප්‍රිය ජනක නොහොත් මන්නා රමේෂ් අද (04) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

ඒ අනුව අදාළ සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මැද අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ

අනතුරුව දැඩි ආරක්ෂක රැකවල් මැද මන්නා රමේෂ් බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

පසුගිය පෙබරවාරි මස 25 වන දා ඩුබාහිදී අත්අඩංගුවට ගත් මන්නා රමේෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මෙරටට ගෙන එනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 07 වනදායි

අනතුරුව එදින සිට මාස හයකට අධික කාලයක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ රඳවා ගැනීම නියෝග මත ප්‍රශ්න කළ මන්නා රමේෂ් අද (04) පෙරවරුවේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

මනුෂ්‍ය ඝාතන, කප්පම් ලබා ගැනීම් සහ අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා

Share This