ස්පාඤ්ඤයේ ගංවතුර කලාපයට භටයන් 7,500 ක්
ස්පාඤ්ඤයේ ගංවතුරෙන් පීඩාවට පත් සිය නැඟෙනහිර කලාපයට භටයන් 7,500ක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
ආහාර සහ ජලය බෙදා හැරීමට, වීදි පිරිසිදු කිරීමට සහ මංකොල්ලකෑමෙන් සාප්පු සහ දේපළ ආරක්ෂා කිරීමට හමුදාව සති අන්තයේ සොල්දාදුවන් 5,000 ක් පමණ යෙදවිමටයි කටයුතු කර තිබුණේ.
ඒ අනුව තවත් 2,500 ක් ඔවුන් හා එක්වන බවයි ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා ඇත්තේ
මෙම ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 217 දෙනෙකු ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ