ලංකා බැංකුවේ සභාපති ධුරය කාවින්ද ද සොයිසාට

ලංකා බැංකුවේ සභාපති ධුරය කාවින්ද ද සොයිසාට

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා පත්කර තිබෙනවා.

සිටිබෑන්ක් එන්.ඒ. හි අධ්‍යක්ෂ සහ මෙරට ව්‍යාපාර ප්‍රධානී ලෙස සේවය කර ඇති ඒ මහතා වසර 30කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ වසර 25ක කළමණාකාරීත්වයේ පළපුරුද්දක් සහිත වෘත්තීය බැංකුකරුවකු ලෙස සඳහන්.

එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ ප්‍රධාන පරීක්ෂක, උප පරිපාලක සහ උපදේශක ලෙසත් කොළඹ විශ්වවිද්‍යාලයේ සහ රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ද වන ඒ මහතාගේ පත්වීම ඊයේ (04) දින සිට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This