එගොඩවෙන්න ගිහින් සැඩ පහරට හසුවූ අවාසනාවන්ත සිදුවීම

එගොඩවෙන්න ගිහින් සැඩ පහරට හසුවූ අවාසනාවන්ත සිදුවීම

කොස්ගම ඇස්වත්ත මානකඩ මාර්ගයේ රබුකේ වත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇලෙන් එගොඩ වීමට ගිය කැබ් රථයක් ඇලේ තිබූ සැඩ පහර හේතුවෙන් ගසාගෙන ගොස් තිබෙනවා.

කැබ් රථය මීටර් 50ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර සිද්ධිය වූ අවස්ථාවේ රියදුරු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙක් එම රථයේ ගමන් කර තිබෙන බව සඳහන්.

දියේ ගිලීමෙන් කැබ් රථයේ රියදුරු සහ හිමිකරු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 හා 69 වයස්වල පසු වූ බලල්කොටුව හා කිරිබත්ගොඩ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොස්ගම පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

Share This