අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට

අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීම සිදුකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත ඊට අදාළ ලිපි ලේඛන සහ යතුරු භාර දීම සිදුකළ බව සඳහන්.

අනවශ්‍ය වියදම් අවම කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව වෛද්‍ය ඒකකය සතු මානව සහ භෞතික සම්පත් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීමෙන් අනතුරුව මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This