අග්‍රාමාත්‍යවරිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

අග්‍රාමාත්‍යවරිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවක් පවත්වා තිබෙනවා

ඒ අනුව එහිදී අමාත්‍යාංශය තුළ විද්‍යාව හා තාක්‍ෂණය භාවිතයේ  වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය නංවාලීම සඳහා තොරතුරු තාක්ෂණ සේවාවන්හි පවතින ප්‍රගතිය පිළිබඳවද සමාලෝචනයක නිරත වුණා

එමෙන්ම නව රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නය සහ රාජ්‍ය අංශයට නවීන තාක්ෂණය මුසු කිරීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමේ ඇති හැකියාව සහ තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා වන වත්මන් අභියෝග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර ඇති බව සඳහන්

Share This