චීනයේ පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදෙයි -35 දෙනෙකු මරුට

චීනයේ පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදෙයි -35 දෙනෙකු මරුට

චීනයේ ෂුහායි හි ක්‍රීඩාංගණයක ව්‍යායාම කරමින් සිටි පිරිසකට මෝටර් රථයක් කඩා වැදී පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම සිදුවීමෙන් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

62 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයෙකු විසින් එම මෝටර් රථය පදවා තිබෙනවා.

මියගිය සහ තුවාල ලැබූවන් අතර ළමුන් සහ කාන්තාවන් මෙන්ම වයෝවෘද්ධ වන බව සඳහන්.

සැකකරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සිදුවීමෙන් පසුව ඔහු විසින්ම තමා වෙත සිදු කරගත් තුවාල හේතුවෙන් කෝමා තත්ත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට ද හෙළි වී තිබෙනවා.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් බලධාරීන්ට එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට ද නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

සිවිල් සහ හමුදා ගුවන් සංදර්ශනයක් හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අවස්ථාවක මෙම සිදුවීම වාර්තා වී තිබීම ද විශේෂත්වයක් වනවා.

Share This