IMF සිව්වන වාරිකය සඳහා අනුමැතිය

IMF සිව්වන වාරිකය සඳහා අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වැඩසටහනේ තුන්වන සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (23) නිවේදනය කළා.

ඒ අනුව IMF විස්තීර්ණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය සඳහා අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම විශ්වාසය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉහළ නංවා ඇති අතර රජයේ ප්‍රතිපත්තිවල අඛණ්ඩ කැපවීම එම අරමුදල විසින් සහතික කර තිබෙනවා.

පීටර් බෘෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සඳහා නොවැම්බර් 17 වනදා සිට මෙරට රැඳී සිටියා.

Share This