ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතුයි
ජනතාව ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දී ඇති මොහොතක ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම සියලු මන්ත්‍රීවරයන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා
දසවැනි පාර්ලිමේන්තුවට අභිනවයෙවන් තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේ අද (25) පැවති සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ඇය මේ බව කියා සිටියා
එමෙන්ම පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබූ මතය වෙනස් කරමින් යන ගමනේදී මන්ත්‍රීවරයාට විශාල වගකීමක් පැවරෙන බව ද ඇය එහිදී පෙන්වා දුන්නා
පසුගිය කාලවකවානුව තුළ සිදු වූ දේශපාලන, සමාජ පරිවර්තනයෙන් මහජනතාව තුළ තිබෙන දේශපාලන පරිනතභාවය පිළිබිඹු වන බවත්, එම පණිවිඩය තේරුම් ගත් පිරිසක් ලෙස මහජන නියෝජිතයන්ට සුවිසාල වගකීමක් නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ට පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
එමෙන්ම මෙවර පාර්ලිමේන්තුව, මෙරට ඉතිහාසයේ සුවිශේෂි පාර්ලිමේන්තුවක් බවත් වැඩිම කාන්තා නියෝජනයකින් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් 22කින් සමන්විත පාර්ලිමේන්තුවක් වීම වඩාත් සාධනීය ඉදිරි පියවරක් බවත් සඳහන් කළා
නව පාර්ලිමේන්තුවක් ආරම්භයේ සම්ප්‍රදායිකව සිදුකරනු ලබන කටයුත්තක් ලෙස සංවිධානය කර තිබෙන මෙම වැඩමුළුව හෙට (26) සහ අනිද්දා (27) යන දෙදින ද පැවැත්වෙනවා