ආදායම්-වියදම් වාර්තා නොදෙන මහ මැතිවරණයේ අපේක්ෂකයින්ට නඩු
මහ මැතිවරණයේදී තරග කළ අපේක්ෂකයින් නියමිත දිනට සිය ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා ප්රකාශ කළේ එසේ නොකරන අපේක්ෂකයින්ට නඩු පැවරීමට පියවර ගන්නා බවයි.
මහ මැතිවරණයේ ප්රතිඵල ප්රකාශයට පත් කර දින 21ක කාලය තුළ තරග කරන ලද සියලුම පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින් අදාළ අදායම් සහ වියදම් වාර්තා භාරදිය යුතු වනවා.
ඒ අනුව දෙසැම්බර් 6වන දින හෝ එදිනට පෙර තමන් තරග කරන ලද මැතිවරණ දිස්ත්රික්කයේ මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරියාට අදාළ වාර්තා භාරදිය යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.