ජාතික ආරක්ෂාව සාමාන්‍යකරණය කරමින් අපනයන පාලනය අවභාවිත කිරීමට එරෙහිව චීනයේ දැඩි විරෝධය
ජාතික ආරක්ෂාව සාමාන්‍යකරණය කරමින් අපනයන පාලනය අවභාවිත කිරීමට තරයේ විරුද්ධ වන බව චීනය ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකානු රජය මේ සතිය තුළ චීනයට එරෙහි නව අපනයන සීමා ප්‍රකාශයට පත් කරනු ඇතැයි එරට වාණිජ කොමිසම පසුගිය දා සිය සාමාජිකයන් වෙත දැනුම් දී තිබුණා.
විශේෂයෙන් චීනයේ චිප නිෂ්පාදන සමාගම් 200ක් එම වෙළඳ සීමා ලැයිස්තුවට ඇතුළත් කෙරෙන බව එම දැනුම් දීමෙහි සඳහන්.
මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (28) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අවධාරණය කර ඇත්තේ, අමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගයෙන් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටියට මෙන්ම ගෝලීය නිෂ්පාදන හා සැපයුම් ජාලයේ ආරක්ෂාව හා ස්ථාවරත්වයට දැඩි ලෙස හානි සිදු වන බවයි.
එම ක්‍රියාව දෙරට ව්‍යවසායන්වල යහපතට සහ ගෝලීය අර්ධ සන්නායක කර්මාන්තයේ සංවර්ධනයට හානිකර බවත් චීනය ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ජාතික ආරක්ෂාව සාමාන්‍යකරණය කරමින් අපනයන පාලනය අවභාවිත කිරීමට තරයේ විරුද්ධ බවත්, අමෙරිකාව සිය ක්‍රියාමාර්ගය වෙනස් නොකළහොත් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගනු ඇති බවත්, චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.