චීනයේ Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය සිය පළමු මෙහෙයුම දියත් කරයි

චීනයේ Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය සිය පළමු මෙහෙයුම දියත් කරයි

චීනයේ Hainan පළාතේ දකුණු කලාපයේ පිහිටි Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය ඊයේ(30) රාත්‍රී සිය පළමු මෙහෙයුම දියත් කර තිබෙනවා.

එහිදී Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නව වාහක රොක‍ට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශයට යවා ඇති බව සඳහන්.

Long March-12 නම් මෙම වාහක රොකට්ටුව හරහා පර්යේෂණාත්මක චන්ද්‍රිකා දෙකක් ඔවුන්ගේ සැලසුම්ගත කක්ෂයට යවන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානය විසින් සිදු කළ මෙම පළමු දියත් කිරීමේ මෙහෙයුම, Long March-12 වාහක රොකට්ටුවේ මංගල පියාසැරිය ද වනවා.

Share This