ජනපති සහ ITAK මන්ත්‍රීවරු අතර හමුවක්

ජනපති සහ ITAK මන්ත්‍රීවරු අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04) පැවති මෙම හමුවේදී උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගී වී සිටියා.

Share This