ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්
බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා
ඒ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බීමත්ව රිය පදවා කොල්ලුපිටිය මංසන්ධියේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ඊයේ (6) අත්අඩංගුවට ගනු ලැබුවා