ළඟදීම එන්න යන නව ඩිජිටල් රියදුරු බලපත්‍රය
දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගනු ඇති බව සඳහන්.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය කඩිනමින් හඳුන්වා දීමට නියමිතයි.