ජනපති අනුර ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී
නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ ඉන්දියාවට ළගා වුණා
ඒ අනුව ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන් (Dr S.Murugan) , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha), ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්(Puneet Agrawal), ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් (Anshuman Gaur) මහත්වරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළි ගත්තා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු අයුරුද දැක ගත හැකි වුණා